fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එකමුතුව කටයුතු කරන්නැයි පාකිස්තාන හමුදා ප්‍රධානියා එරට දේශපාලන පක්ෂවලින් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2024 16:18

එකමුතුව කටයුතු කරන්නැයි පාකිස්තාන හමුදා ප්‍රධානියා එරට දේශපාලන පක්ෂවලින් ඉල්ලයි

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාම මැතිවරණ ජයග්‍රාහණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එකමුතුව කටයුතු කරන ලෙස එරට හමුදා ප්‍රධානියා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය බ්‍රහස්පතින්දා දින පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ බව හිටපු අග්‍රාමාත්‍යවරුන් වන නවාස් ෂරීෆ් හා ඉම්රාන් ඛාන් නිවේදනය කරනවා.

කෙසේ වුවද කිසිදු අපේක්ෂකයෙකුට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිව නැහැ.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පක්ෂ පාත ස්වාධීන අපේක්ෂයකින් වැඩි ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

එහෙත් පාකිස්තාන හමුදා සහාය හිමි හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් කුඩා පක්ෂවලට තමා සමග එක්වන ලෙසයි ආරාධනා කර ඇත්තේ.

මිලියන 250ක් වන පාකිස්තාන වැසියන් ඉදිරියේ පරිණත භාවයෙන් හා එකමුතුව කටයුතු කරන ලෙස පාකිස්තාන හමුදා ප්‍රධානියා සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

ප්‍රගතිශිලි රටකට ගැලපෙන ලෙස කටයුතු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2024 16:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්