fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහාචාර්ය ජයසිරි ලංකාගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2024 12:13

මහාචාර්ය ජයසිරි ලංකාගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ පුස්තකාල ක්ෂේත්‍රය සඳහා අමරණීය සේවාවක් කළ මහාචාර්ය ජයසිරි ලංකාගේ මහතා අභාවප්‍රාප්ත වුණා.

ඒ මහතා මිය යනවිට 87 වන වියේ පසුවුණා.

20 වන සියවසේ අගභාගය ආරම්භයේ සිට ජයසිරි ලංකාගේ මහතා පුස්තකාල සේවාවේ උන්නතියට අමිල මෙහෙයක් සිදුකළා.

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සිට පුස්තකාල විද්‍යා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඒ මහතා ඉටුකළ මෙහෙය හේතුවෙන්ම ශ්‍රී ලංකාවේ පුත්කලා විද්‍යා අධ්‍යාපනයේ පියා ලෙස හැදින්වෙනවා.

ජයසිරි ලංකාගේ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්යවරයෙකු මෙන්ම පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස උපරිම සේවාවක් ඉටුකර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2024 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්