fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 14:43

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

විස්සයි විස්ස පුහුණු තරඟ සංචාරයක් සඳහා උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකු සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 05 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් විස්සයි විස්ස පුහුණු තරග 07 ක් සදහා සහභාගී වීමට නියමිත අතර , ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තම උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණව ලබමින් සිටින ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙම තරග සදහා යොමු කිරීමට නියමිතය .

මෙම තරග සියල්ල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබන 12 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 14:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්