fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයේ ජනගහනයෙන් අඩක් ඉවත් වන්නට තැනක් නොමැතිව සිරවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 15:50

ගාසා තීරයේ ජනගහනයෙන් අඩක් ඉවත් වන්නට තැනක් නොමැතිව සිරවෙයි

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයේදී මියගිය සංඛ්‍යාව මේ වන විට 28,000කට ආසන්න වී තිබෙනවා.

මාස ගණනක් තිස්සේ එල්ල වන ප්‍රහාර හේතුවෙන් විපතට පත් සිවිල් වැසියන් ඉවත් කරන්නේ කොහිදැයි එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිතයා ප්‍රශ්න කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, රෆාහි සිවිල් වැසියන් ඉවත් කිරීම හා හමාස් සංවිධානය සමඟ සටන් කිරීම යන කාරණා දෙකටම සැලැස්මක් සකස් කරන ලෙස සිය හමුදාවට නියෝග කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ගාසා තීරයේ මිලියන 2.3 ක ජනගහනයෙන් අඩක් ඉවත් වන්නට තැනක් නොමැතිව රෆාහි සිරවී සිටින” බවයි.

ඛාන් යුනිස් හි ඊශ්‍රායල ස්නයිපර්වරුන් සිදු කළ වෙඩි තැබීම් වලින් වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පැය 24ක් ඇතුළත ගාසා තීරයේ පලස්තීනුවන් 107දෙනෙකු මිය ගොස් 142ක් තුවාල ලැබූවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 15:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්