fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 11:33

තවත් සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට

ගත වූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුමෙන් අපරාධකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 547 දෙනෙකු මෙන්ම ලැයිස්තුගතව සිටි සැකකරුවන් 116 දෙනෙකු ද මෙම පිරිසට ඇතුළත්.

පැය 24 ක කාලය තුලදී හෙරොයින් ග්‍රෑම් 175 කට අධික ප්‍රමාණයක් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 171 ක් අත්අඩංගුවට ගැනුණා.

තවත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රැසක්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් ප්‍රශ්න කරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් දෙදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 14 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්