fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 06:55

දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්

අද දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සෞම්‍ය කාලගුණයක් පවතිනු ඇති.

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.25-35 පමණ වේ.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.55 දක්වා වැඩි විය හැකි අතර කොළඹ සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 06:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්