fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරගත කර සිටින ඇමෙරිකා ජාතික මාධ්‍යවේදියා නිදහස් කිරීමට එකඟතාවයකට එළඹිය හැකි බව රුසියා ජනපති කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 16:35

සිරගත කර සිටින ඇමෙරිකා ජාතික මාධ්‍යවේදියා නිදහස් කිරීමට එකඟතාවයකට එළඹිය හැකි බව රුසියා ජනපති කියයි

සිරගත කර සිටින ඇමෙරිකා ජාතික මාධ්‍යවේදී ඉවාන් ගර්ෂ්කොවිච්  නිදහස් කිරීමට එකඟතාවයකට එළඹිය හැකි බව  රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් සඳහන් කරනවා.

ඇමෙරිකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ටකර් කාල්සන් සමඟ පැවති විශේෂ වැඩසටහනක් අතරතුරදීයී රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ.

රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු බටහිර මාධ්‍ය සමඟ ව්ලැඩිමීර් පුටීන් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ පළමු අවස්ථාව ද මෙය වනවා.

ඔත්තු බැලීමේ චෝදනා මත සිරගත කර සිටින ඉවාන් ගර්ෂ්කොවිච් නිදහස් කිරීම  සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ සාකච්ඡා සිදු කෙරෙන බවයි පුටින් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.

ඔහුට එල්ල වී ඇති චෝදනාවලට වරදකරු වුවහොත් වසර 20 ක සිර දඬුවමක් පැනවීමේ හැකියාවක් පවතිනවා.

එමෙන්ම වැඩසටහන් අතරතුරදී යුක්රේනය, ඇමෙරිකා ජනාධිපතිවරුන් හා සීඅයිඒ සංවිධානය පිළිබඳවද රුසියා ජනාධිපතිවරයා අදහස්  පල කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 16:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්