fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවීකරණය කළ ලංගම බස්රථ 201ක් නැවත ධාවනයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 11:35

නවීකරණය කළ ලංගම බස්රථ 201ක් නැවත ධාවනයට

නවීකරණය කළ බස්රථ 201ක් ඩිපෝ සදහා ලබා දීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුවයි මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ. 2023 වසරේ දී ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා.

එහි දෙවන පියවර ලෙසයි බස් රථ 201ක් නවීකරණය කර ඇත්තේ.

මෙම බස්රථ අලුතින් මිලදී ගත්තේ නම් ඒ සදහා රුපියල් මිලියන 4200 ක් වැය කිරීමට සිදුවනවා.

එහෙත් බස් රථ නවීකරණය සදහා වැය වී ඇති මුළු මුදල රුපියල් මිලියන 270ක් වනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්