fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 10 ක් අධිකරණය මගහරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

hasiniek
By hasiniek පෙබරවාරි 9, 2024 11:26

වසර 10 ක් අධිකරණය මගහරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

පාසල් සිසුවියක් දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී නොසිටිමින් වසර 10 ක් සැඟව සිටි වරෙන්තුකරුවෙකු මාවනැල්ල ප්‍රදේශයේදි (08) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතා පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි චන්ඩිමුත්තු නඩරාජ් රාදිකාන් නැමති (29) හැවිරිදි අයෙක්.

සැකකරු ඔහු පදිංචිව සිටි වත්තේ 11 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලිසිය මගින් එවකට සැකකරු අත්අඩංගුවට ගැනීමට සුදානම් විසිටි අවස්තාවේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟවසිට විවිධ රැකියා වල නිරතව සිට ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සැකකරු මවනැල්ල ප්‍රදේශයේ වෙස් වලාගෙන කඩල විකුණමින් සිටින බවට නෝටන්බ්‍රිජ් පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට සහ නෝටන්බ්‍රිජ් පොලිසියේ විශේෂ කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත යුක්තියේ මෙහෙයුමට සමගාමීව
මාවනැල්ල ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් වරෙන්තුකරු අද (09) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා

hasiniek
By hasiniek පෙබරවාරි 9, 2024 11:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්