fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 10:42

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (10)  පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11,12,13,14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළා.

හෙට (10) සවස 5.00 සිට පසුදින (11) උදෑසන 8.00 දක්වා පැය 15ක කාලයක් එම ප්‍රදේශවලට ජලය සැපයීම මෙලෙස අත්හිටුවීමට නියමිතයි.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටිනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 10:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්