fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණමඩුවේ වෙඩිතැබීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 07:03

ආණමඩුවේ වෙඩිතැබීමක්

ආණමඩුව තට්ටෑව ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

ඊයේ (08) සවස සිදුකර ඇති මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව පුත්තලම රෝහලට මාරුකර යවා තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

වෙඩිවැදී ඇත්තේ වයස අවුරුදු 45ක් වන ආණමඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.

වෙඩික්කරු පළාගොස් ඇති අතර පෞද්ගලික ආරවුලක් වෙඩිතැබීමට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පල කරයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 07:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්