fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගමේ බිත්තර අවශ්‍යතාවෙන් 50%ක් ගම තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2024 15:33

ගමේ බිත්තර අවශ්‍යතාවෙන් 50%ක් ගම තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක්

රජය සහ සණස සමිතිය එක්ව ගමේ බිත්තර අවශ්‍යතාවෙන් 50% ක් ගම තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

තෝරාගත් සණස සමිති 1250 ක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය , කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මෙන්ම සණස ව්‍යාපාරය හා එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

ගමේ බිත්තර නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ද මේ තුළින් ශක්තිමත් කිරීමට හැකි බව සාකච්ඡෘවට එක් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා.

නව ව්‍යාපෘථිය තුළින් බිත්තරයක් රුපියල් 35 ක් වැනි මුදලකට නිෂ්පාදනය කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළා.මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ අසූවක් පමණ වනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2024 15:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්