fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝලීය උෂ්ණත්වය ගැන අලුත්ම හෙළිදරව්ව

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2024 14:23

ගෝලීය උෂ්ණත්වය ගැන අලුත්ම හෙළිදරව්ව

ප්‍රථම වරට ගෝලීය උෂ්ණත්වය අපේක්ෂිත අගයට වඩා ඉහළ ගිය පළමු වසර බවට පසුගිය මාස 12 ක කාලය සටහන් වනවා.

යුරෝපා සංගමයේ දේශගුණික සේවයට අනුව ප්‍රථම වතාවට සමස්ත වසරක් පුරාවටම ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 ඉක්මවා තිබෙනවා.

පසුගිය 2023 වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම වසරේ ජනවාරි දක්වා කාලය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.52 දක්වා ළඟා වී තිබෙනවා.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමට උත්සාහ කරන බවට ලෝක නායකයින් 2015 දී පොරොන්දු වී තිබුණා.

එවැනි පසුබිමකදියි මෙම උෂ්ණත්වය වාර්තා වුණේ. මේ හේතුවෙන් කාබන් විමෝචනය කපා හැරීම සඳහා හදිසි පියවර ගැනීම තවත් මන්දගාමී විය හැකි බව  විද්‍යාඥයින් පවසනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2024 14:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්