fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිසියේ අලුත් මෙහෙයුම

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2024 11:54

පොලිසියේ අලුත් මෙහෙයුම

පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සහ ළමුන්ට සිදු වන හිංසනයන් පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ ආරම්භ කළ විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඊයේ සිට මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කෙරුණා.

වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන උදෑසන 08 සිට 10 දක්වා හා සවස  05 සිට 07 දක්වා  කාලයන් තුළ වැටලීම්කිරීම සඳහා මෙහිදී ප්‍රමුඛත්වය ලබාදීමට තීරණය කර තිබෙනවා.

සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් කණ්ඩායම් බැගින් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන අතර බස්නැවතුම්පොල, දුම්රිය ස්ථාන ආදී ජනතාව වැඩිවශයෙන් ගැවසෙන් ස්ථාන කෙරෙහි  ද විශේෂ අවධානයක් යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.

සිවිල් ඇදුමෙන් ගමන් ගන්නා පොලිස් නිලධාරීන්ට සහාය වීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක පොලිස් කණ්ඩායම් සූදානම් කර ඇති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් නිවේදනය කළා.

ඒ අනුව  ඊයේ ආරම්භ කළ මෙහෙයුමෙන් පොදු ප්‍රවාහන සේවයන් තුළ ලිංගික අතවර සිදු කරන ලද පුද්ගලයින් 18 දෙනෙකු මෙන්ම සොරකම්වල නිරත වූ පුද්ගලයින් 06 දෙනෙකු ඇතුලු සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ අතර අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සබඳතා පවත්වන පොලිස් නිලධාරීන් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි.

එමෙන්ම අපරාධ කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා හට ආධාර අනුබල දුන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා දන්වා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2024 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්