fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් සැකකරුවන් 728ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2024 11:36

තවත් සැකකරුවන් 728ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 728 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.

දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 558 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුගත සැකකරුවන් 170 ක් ඇතුළු සමස්ත සැකකරුවන් 728 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කරන්නේ.

මේ අතර  අදාළ මෙහෙයුම තුළින් හෙරොයින් ග්‍රෑම් 122ක් අයිස් ග්‍රෑම් 101 ක් ගංජා කිලෝ 05 ක් , ගංජා පැල 23521 ක් , මාවා ග්‍රෑම් 404 ක් මත්පෙති 1852 ක් සහ මදන මෝදක ග්‍රෑම් 171 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  558 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක  කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලැයිස්තුගත සැකකරුවන් 14 දෙනෙකු සිටින බවයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2024 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්