fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරෝපයේ විරෝධතාවලට සහාය පළ කරමින් ස්පාඤ්ඤයේ ගොවීන් ද විරෝධතා අරඹයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 16:10

යුරෝපයේ විරෝධතාවලට සහාය පළ කරමින් ස්පාඤ්ඤයේ ගොවීන් ද විරෝධතා අරඹයි

යුරෝපය පුරා පැවැත්වෙන විරෝධතාවලට සහාය පළ කරමින් ස්පාඤ්ඤයේ ගොවීන් ද විරෝධතා  ආරම්භ කර තිබෙනවා.

යුරෝපා සංගමය පනවා ඇති සීමා ලිහිල් කරන  ලෙස හා ගොවීන්ට සහන ලබා දෙන ලෙස ඉල්ලමිනුයි විරෝධතා පැවැත්වෙන්නේ.

ස්පාඤ්ඤයේ පළාත් කිහිපයක විරෝධතා පැවති අතර මහාමාර්ග අවහිර කරමින් එම විරෝධතා සිදු කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම මාසය අග භාගයේ දී රජයට විරෝධය පළ කරමින් මැඩිරිඩ් අගනුවරදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර ඇති බව ද ගොවීන් නිවේදනය කරනවා.

ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය හා ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක ගොවීන් යුරෝපා සංගමයට තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් විරෝධතාවල නිරත වනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්