කොළඹ, 2024 පෙබරවාරි 7 – කොළඹ පිහිටි එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්රයිට් කොමිෂන් සභාවේ නව විධායක අධ්යක්ෂවරයා වශයෙන් ආචාර්ය පැට්රික් මැක්නමාරා මහතා පත්වී ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරනවා.
ශ්‍රී ලංකාවේ එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළාය, “එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්රයිට් කොමිෂන් සභාවේ නව අධ්යක්ෂවරයා වන ආචාර්ය පැට්රික් මැක්නමාරා මහතාව අපි ඉතා සතුටින් පිළිගන්නවා.
ආචාර්ය මැක්නමාරාගේ නායකත්වය යටතේ කොමිෂන් සභාව හුවමාරු, අධ්‍යාපනික හවුල්කාරීත්ව මෙන්ම අප දෙරට අතරේ අනොන්‍ය අවබෝධය වර්ධනය
කරන නව යුගයකට එළඹෙනවා.
සිසුන්ගේ හා ශාස්ත්රවේදීන්ගේ ශාස්ත්‍රීය පරිසරය වඩාත් වැඩිදියුණු කරමින්, දේශසීමා අබිභවා යන සුවිශේෂී බුද්ධිමය හුවමාරු හරහා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතරේ, ශාස්ත්‍රීය මට්ටමින්, සහ විද්‍යාත්මක මට්ටමින් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරන්නට කොමිෂන් සභාව වැදගත් භූමිකාවක් නිරූපණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.”
“ෆුල්බ්රයිට් වැඩසටහන 71 වසරක් තිස්සේ සම්බන්ධතා ගොඩනගමින් සහ අප දෙරටටම ප්රතිලාභ ලබා දෙමින් ක්‍රියාත්මක වන අතර, 2000 ඉක්මවන ආදි විද්‍යාර්ථීන්
පිරිසක් මේ යටතේ සංචාරය කර සහ වැඩසටහනට සෘජුවම සම්බන්ධ වී තිබෙනවා,”
යනුවෙන් කොමිෂන් සභාවේ අධ්යක්ෂ මණ්ඩල සභාපති ධුරය දරන, එ.ජ. තානාපති කාර්යාලයේ මහජන කටයුතු උපදේශිකා හයිඩි හට්න්බාක් මහත්මිය පවසා තිබෙනවා.
“ජෛව වෛද්‍ය පර්යේෂණ සඳහා සහයවීමේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම නිර්යටත්විජිතකරණය අරමුණු කරගෙන සිදුකළ පර්යේෂණයක් දක්වා, ෆුල්බ්රයිට්
ප්රදානලාභීන් ජීවිත වෙනස් කිරීමටත් පන්ති කාමරයෙන් ඔබ්බට ජීවිත කාලයක් මුළුල්ලේ පවතින අන්දමේ සම්බන්ධතා ඇති කිරීමටත් හේතුවන අන්දමේ ශාස්ත්‍රීය
කටයුතුවල නිරත වෙනවා.
ආචාර්ය මැක්නමාරාගේ නායකත්වය යටතේ ෆුල්බ්රයිට් වැඩසටහන දීර්ඝ කාලයක් යනතෙක් ශාස්ත්‍රීය සහයෝගීතාවය පෝෂණය කිරීමටත් අවබෝධය ගොඩනැංවීමටත් ඒ ශක්තිමත් උරුමය තවත් වැඩිදියුණු කරනු ඇති.” “ද්වී-ජාතික ෆුල්බ්රයිට් කොමිෂන් සභාවේ ශක්තිමත් පදනම තවත් වැඩිදියුණු කරමින්,
මගේ ජිවිතයේ එළඹුනු මේ නව පරිච්ඡේදය අරඹන්නට මා උද්යෝගයෙන් සිටිනවා.
ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාව අතරේ අවබෝධයේ සහ සාමයේ පාලම් තැනීමට අපි දිගින්දිගටම කටයුතු කරනවා,” යනුවෙන් ආචාර්ය මැක්නමාරා මහතා සඳහන් කළා.
“ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ඇති විවිධත්වය, එකමුතුකම සහ අන් අයට ගරු කිරීම වැනි හොඳම වටිනාකම් ෆුල්බ්රයිට් වැඩසටහනෙන් නියෝජනය වනවා.
අධ්‍යාපනික, සංස්කෘතික සහ වෘත්තීය හුවමාරු හරහා මෙරටේ සාරවත් ඉතිහාසයෙන් ඉගෙන ගැනීමට ඇමෙරිකානුවන් ශ්‍රී ලංකාවට ගෙන ඒමටත්,
ඇමෙරිකාවේ සංස්කෘතිය සහ එහි ඇති අධ්‍යාපන අවස්ථා අත්විඳීමට ශ්‍රී ලාංකිකයින් එහි යැවීමටත් අපි කටයුතු කරනවා.”
ෆුල්බ්රයිට් කොමිසමේ විධායක අධ්යක්ෂවරයා ලෙස ආචාර්ය මැක්නමාරා, දශක තුනකට අධික කාලයක් ශාස්ත්‍රීය, උපදේශන, ව්‍යාපාර සහ රාජ්‍ය ක්ෂේත්රය තුළ ලද
පුළුල් වෘත්තීය අත්දැකීම් ශ්‍රී ලංකා-ඇමරිකානු ශාස්ත්‍රීය හුවමාරු සඳහා ගෙන එයි.
අනාගත නායකයින් හා උසස් අධ්‍යාපනයේ අඩු නියෝජනයක් සහිත කණ්ඩායම් සවිබල ගන්වන බව සහතික කිරීම, සහ දෙරටේම සර්වග්රාහී සහ විවිධත්වයෙන් යුත් සමාජ ප්‍රවර්ධනය කිරීමට තුඩු දෙන අදහස් හුවමාරුව හා අන්තර්-සංස්කෘතික සංවාදය වර්ධනය කිරීම යන ෆුල්බ්රයිට් ශ්‍රී ලංකා හි මෙහෙවර තවදුරටත් ඉදිරියට
ගෙනයෑම සඳහා ආචාර්ය මැක්නමාරාගේ ප්‍රවීණත්වය ඉවහල් වනු ඇත.
ආචාර්ය මැක්නමාරා 2011 දී ඉන්දියාවේ ෆුල්බ්රයිට්-නේරු ජ්‍යෙෂ්ඨ විද්‍යාර්ථියකු ලෙස විශිෂ්ඨ දක්ෂතා දැක් වූ අතර, එම කාලය තුළ ඔහු කලාපීය සංචාර ප්‍රදානයක් ලබා ශ්‍රී ලංකාවට පැමිණ කාලය ගත කර තිබේ.
ඔහු ඔමාහා හි නෙබ්‍රස්කා විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලන පාසලෙන් ආචාර්ය උපාධියක් ද, ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයෙන් ගැටුම් විශ්ලේෂණය සහ නිරාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියක් ද ස්වර්ත්මෝර් විද්‍යාලයෙන් ආගම පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ද දරයි.
එක්සත් ජනපද – ශ්‍රී ලංකා ෆුල්බ්රයිට් කොමිෂන් සභාව පිළිබඳව: එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්රයිට් කොමිෂන් සභාව 1952 නොවැම්බර් 17 වැනි දින එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා රජයන් විසින් අත්සන් කරන ලද ගිවිසුමක් මගින් පිහිටුවන ලදී.
එක්සත් ජනපදයේ බදු ගෙවන්නන් විසින් අරමුදල් සපයනු ලබන මෙම කොමිෂන් සභාව ශාස්ත්‍රීය, සංස්කෘතික සහ වෘත්තීය හුවමාරු හරහා අන්‍යෝන්‍ය අවබෝධය
ප්‍රවර්ධනය කරන ස්වාධීන ද්වි-ජාතික, රාජ්‍ය නොවන සංවිධානයකි. විශ්වවිද්‍යාල, ව්‍යාපාර, රජය, රාජ්‍ය නොවන සංවිධාන සහ කලා සංවිධානවල ඉහළම
මට්ටම්වල සිටින US-SLFC හි ආදි විද්‍යාර්ථීහු 2,000කට අධික සංඛ්‍යාවක් සිටිති.
ඇමරිකානු විද්‍යාල සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන EducationUSA ද අධීක්ෂණය කරනු ලබන්නේ ෆුල්බ්රයිට් කොමිෂන් සභාව විසිනි.