fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට අලෙවි කිරීමට තහනම් රත්‍රං තොගයක් සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 14:46

මෙරට අලෙවි කිරීමට තහනම් රත්‍රං තොගයක් සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට

පාවෙන රත්‍රං නමින් හැඳින්වෙන මෙරට අලෙවි කිරීමට තහනම් අම්බර කිලෝග්‍රෑම් හතර හමාරක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට  ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයට ලබා දුන්න තොරතුරට අනුව මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා,

කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 500 ක බරින් යුත් මෙම අම්බර සුඛෝපභෝගී ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැණුනු අතර එහි වෙලඳපොල වටිනාකම රුපියල් කෝටි 03 ක් වනවා.

තල්මසුන්ගේ ශරීරයෙන් ස්වභාවිකව නිකුත් කෙරෙන මෙම අම්බර සුවද විළවුන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා අතර ඊට ඉහළ ඉල්ලුමක් පවතින බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 14:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්