fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිධන් හාරමින් සිටි 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 14:36

නිධන් හාරමින් සිටි 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිධන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව බුරුත කැලේ ප්‍රදේශයේ නිධන් හැරීමේ නිරතව සිටියදී  සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලීසිය කළ විශේෂ වැටලීමකදීයී.

ඒ වන විට සැකකරුවන් එම ස්ථානයේ අඩි 22 ක් ගැඹුරට කැනීම් සිදු  කර තිබුණා.

උපකරණ රැසක් ද අත්අඩංගුවට ගැනුණු අතර සැකකරුවන් මීමුරේ දූනගහ දිවුලපිටිය මාරවිල හා කොටුගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ මගපෙන්වීම මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 14:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්