fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිම නිසා ටෝකියෝවට බාධා

hasiniek
By hasiniek පෙබරවාරි 7, 2024 14:01

හිම නිසා ටෝකියෝවට බාධා

අධික හිමපතනය හේතුවෙන් ජපානයේ ටෝකියෝ අගනුවරට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අධික හිමපතනය හේතුවෙන් ටෝකියේ නගරයේ ගුවන් ගමන් වාර සියයකට අධික සංඛ්‍යාවක් තාවකාලිකව අත්හිටුවා ඇති බව ජපාන ප්‍රවාහන බලධාරීන් නිවේදනය කරනවා.

එමෙන්ම දුම්රිය ගමන් සදහා ද දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් යාමෙන් වළකින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අධික හිමපතනයත් සමග ප්‍රදේශ රැසකට විදුලි බලයද ඇණහිට ඇති බව සඳහන්.

ටෝකියෝ අගනුවරට මෙවර දැඩි හිමපතනයක් ලැබෙමින් පවතින අතර වසර දෙකකට පසුවයි එම නගරයෙන් වැඩිම හිමපතනයක් වාර්තා වී ඇත්තේ.

මේ අතර මධ්‍යම, නැගෙනහිර හා දකුණු චීනයටද අධික හිමපතනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. චීන අවුරුදු උදාවත් සමග ගම්බිම් බලායාමට පැමිණි මිලියන ගණනක පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

hasiniek
By hasiniek පෙබරවාරි 7, 2024 14:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්