fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 09:03

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

වෙළෙඳපොළ වටිනාකම කෝටි 04 ක් පමණ වන දුම්වැටි ලක්ෂ 04 ක් ලොරි රථයක් මගින් මීගමුව ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

සැකකරුවන් නාත්තණ්ඩිය හා කොච්චිකඩේ ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30, 32 වයස්වල පසුවන්නන්ය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මීගමුව පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්