fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍යයි – ජනපති

hasiniek
By hasiniek පෙබරවාරි 6, 2024 18:14

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍යයි – ජනපති

දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ගනු ලබන සහයෝගිතා ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත්, ආසියානු කලාපයේ මෙන්ම අප්‍රිකානු කලාපයේද දේශගුණික අභියෝගවලට මුහුණ දීම සඳහා එමඟින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කලා.

එසේම පසුගියදා ඩුබායි හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ (COP 28) දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ “නිවර්තන කලාපීය මුලපිරීම” යෝජනාව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ අද (06) පැවති 2024 දකුණු ආසියානු හයිඩ්‍රොමෙට් සංසදයේ (South Asia Hydromet forum 2024) සමාරම්භක අවස්ථාව අමතමින්.

hasiniek
By hasiniek පෙබරවාරි 6, 2024 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්