fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාරක රිය අනතුරක්

hasiniek
By hasiniek පෙබරවාරි 5, 2024 12:00

මාරක රිය අනතුරක්

පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරිඤ්ඤාපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පුත්තලම නගරයේ පැවති නිදහස් දින උත්සවය නරඹා ත්‍රිරෝද රථයකින් ආපසු යමින් සිටි පිරිසක් හා කල්පිටිය ප්‍රදේශයේ සිට පැමිණි ත්‍රිරෝද රථයක් එකිනෙක වැදීමෙන් මෙම අනතුර සිදු වී තිබුණා.

කල්පිටිය සිට පුත්තලම දෙසට පැමිණි ත්‍රිරෝද රථයේ පිටුපස වාඩි වී සිටි පස් දෙනාගෙන් එක් අයෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවටට්යි වාර්තා වන්නේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ කල්පිටිය – මණ්ඩලකුඩාව පදිංචිකරුවෙකු වන කරීම් සාහිදු සාහුල් හමීඩ්  නම් අයෙක්

මේ අතරතුර ත්‍රිරෝද රථ දෙකේම ගමන් ගත් හත් දෙනකු බරපතළ තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කරතිබෙනවා.

 

hasiniek
By hasiniek පෙබරවාරි 5, 2024 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්