fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරයක් අතරතුර හිමි වූ මරණ දඬුවම

hasiniek
By hasiniek පෙබරවාරි 5, 2024 11:50

සංචාරයක් අතරතුර හිමි වූ මරණ දඬුවම

ඕස්ට්‍රේලියා ජාතික රචකයෙකුට චීන අධිකරණයක් අත්හිටවූ මරණ දඩුවමක් නියමකර තිබෙනවා.

ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් චීනයේ සංචාරයක නිරතව සිටින අතරතුරදී ඔත්තු බැලූ බවට චෝදනා කරමින් මීට වසර පහකට පෙර ඔහුව අත්අඩංගුවට ගැණුනා.

ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම ආචාර්යවරයෙකු ද වන යැන්ග් හෙන්ග්ජුන් ඔහුට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

චීන කටයුතු සම්බන්ධ ප්‍රවීණයෙක් වන හෙන්ග්ජුන්ට ලබාදී ඇති දඩුවම / ඔහු සිරගත කර සිටින කාලයෙන් වසර දෙකක් ගතවූ පසු ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් බවට පරිවර්තනය වනු ඇති බවයි ඕස්ට්‍රේලියා බලධාරීන් විශ්වාසය පළකරන්නේ.

කෙසේ වුවද තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් යොමුකරන බවද ඕස්ට්‍රේලියා බලධාරීන් නිවේදනය කරනවා.

hasiniek
By hasiniek පෙබරවාරි 5, 2024 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්