fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදේ ගහගෙන ගිය හය දෙනෙකුගේ ජීවිත බේරා ගත් වික්‍රමය

hasiniek
By hasiniek පෙබරවාරි 5, 2024 09:47

මුහුදේ ගහගෙන ගිය හය දෙනෙකුගේ ජීවිත බේරා ගත් වික්‍රමය

පානදුර මුහුදේ ගහගෙන ගිය තරුණ තරුණියන් 6 දෙනෙකුගේ ජීවිත දිවි බේරාගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් ට හැකිව තිබෙනවා.

මෙසේ දිවි බේරාගෙන ඇත්තේ රත්නපුර, ලෙල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි චාල්ස් ඇන්තනී (20), සෙල්වරාජා සන්තෝෂ් (16) , ෆැන්සීස් විනෝද් (16) යන තරුණයන් තිදෙනා සහ සන්තුරුක්සන් රුක්සිකා (16), මොහන්දාස් දිණූෂා (15) සහ පරදන් දිනූසිකා (16) නමැති තරුණියන් .

මොවුන් පානදුර වෙරළට පැමිණ විනෝදවී පසුව දියනාමින් සිට ඇති බවත් , වෙරළට මීටර් 50 ක ආසන්නයේ සිටි ඔවුන් රළ පහරකට හසුව කෙමෙන් කෙමෙන් දියඹ දෙසට ඇදීගොස් ඇති බවත් සඳහන්.

පසුව ඔවුන් උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර , ඒ අනුව සැරයන් සුසන්ත සහ කොස්තාපල් දේශාන් පළමුව ජීවිත ආරක්ෂක ටියුබ් රැගෙන දියට පැන තිබේ. පසුව ඒ ආසන්නයේ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධාරීයාද දියට පැන බේරාගැනීමට සහයවී තිබෙනවා.

hasiniek
By hasiniek පෙබරවාරි 5, 2024 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්