fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළහකාරී ලෙස හැසිරිනු 34 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2024 09:12

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළහකාරී ලෙස හැසිරිනු 34 දෙනෙකු අත්අඩංගුවට

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළහකාරී ලෙස හැසිරිනු 34 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියාසිටියේ මෙම පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයින් බවට හදුනාගෙන ඇති බවයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ පස්වරුවේ රැදවූවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවුණා.

එහිදී තුවාල ලැබූ යුද හමුදා සෙබලෙකු ඇතුළු 10 දෙනෙකු වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම ගැටුමේ දී පලාගිය 14 දෙනෙකු පොලිස් භාරයට ගත් අතර ඔවුන් ළග තිබී පහරදීම සදහා යොදාගත් යකඩ බට කීපයක් ද සොයාගෙන තිබෙනවා.

මෙම ගැටුමෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුලුතැන්ගෙයට සහ තවත් ස්ථාන කීපයකට අලාභ හානි සිදුවූ බවටයි වාර්තා වුණේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2024 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්