fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුලී නිවාස හිමිකරුවන්ට පොලිසියෙන් දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2024 08:44

කුලී නිවාස හිමිකරුවන්ට පොලිසියෙන් දැනුම්දීමක්

යාපනය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු ගල්කිස්ස යශෝරාපුර ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟ කුලී පදනම මත නිවාස ලබා දෙන්නන්ට පොලිසිය විශේෂ දැනුම් දිමක් සිදු කරනවා.

යාපනය ප්‍රදේශයේ දරුණු අපරාධ රැසක් සිදුකළ කප්පම් කල්ලියක් ලෙස ක්‍රියාත්මක වන ආවා නමැති කල්ලියේ නායකයා බවට සැක කෙරෙන පුද්ගලයායි මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.

ඔහු අවුරුදු 25 ක් වන කවුෂිකන් නීලයම් වනෙයි නමැත්තෙක්.

ප්‍රභා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන මෙම පුද්ගලයා මල්ලාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම සිද්ධියත් සමඟ පොලිසිය නිවාස කුලියට දෙන්නන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව කුලී පදනම මත නිවාස ලබාගන්නා පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරුකර ගත යුතු අතර කිසියම් හෝ සැකයක් පවතීනම් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසයි පොලිස් මූලස්ථානය ජනාතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

***මනෝජිකා/ පොලිස්/ රුවන්තිකා/ 8.33

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2024 08:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්