fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුර කුමාර ඇතුළු ජාතික ජන බලවේගයේ පිරිසක් ඉන්දියාවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2024 08:05

අනුර කුමාර ඇතුළු ජාතික ජන බලවේගයේ පිරිසක් ඉන්දියාවට

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් නවදිල්ලි අගනුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද (05) අලුයම පිටත්ව ගිය මෙම පිරිසට ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත ද ඇතුළත්.

මෙම පිරිස අද (05) අලුයම 04.41 ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 284 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

මොවුන් හෙට දිනයේදී නිල හමුවක් සිදුකිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2024 08:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්