fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කන්දකාඩුව යළි ඇවිලේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2024 21:44

කන්දකාඩුව යළි ඇවිලේ

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා.

ගැටුම හේතුවෙන් තුවාල ලැබූ එහි රැඳවියන් පිරිසක් සහ සෙබළෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.

මේ අතර අද (04) අලුයම පළාගිය රැඳවියන් පිරිසක් විසින් සෝමාවතිය වන්දනාවේ පැමිණි බස් රථයක් පැහැරගැනීමට උත්සාහ දැරීම සහ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් පනස් දහසක මුදලක් සහ ජංගම දුරකථන දෙකක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට රැඳවියන් 34 දෙනෙකු මේ වනවිට වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2024 21:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්