fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

76 වෙනුවෙන් 754කට ලැබුණු නිදහස

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2024 17:19

76 වෙනුවෙන් 754කට ලැබුණු නිදහස

නිදහස් සැමරීමට සමගාමිව බන්ධනාගාර රැදවූවන් 754 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදීමට අද කටයුතු කෙරුණා.

නිදහස හිමිවු රැදවූවන් අතර කාන්තා රැදවූවන් 25 දෙනෙකු ද වනවා.

කළුතර බන්ධනාගාරයේ රැදවූවන් 44 දෙනෙකුට නිදහස ලබාදුන් අතර කාන්තා රැදවූවෙකු ද ඒ අතර වනවා.

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රැදවූවන් 29 දෙනෙකුට ද අද නිදහස හිමිවුණා.

මාතර බන්ධනාගාරයේ රැදවූවන් 4 දෙනෙකුට නිදහස හිමිවු අතර බන්ධනාගාරය තුළ සිටින රැදවූවන්ට ඇස් කන්නාඩි ලබාදීම ද සිදුකෙරුණා.

ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 32 දෙදෙනෙකුට අද නිදහස හිමිවුණා.

අනුරාධපුර බන්ධනාගාරයේ රැදවූවන් 4 දෙනෙකුට රාජ්‍ය සමාව යටතේ නිදහස ලබාදීමට කටයුතු කෙරුණා.

පොලොන්නරුව බන්ධනාගාරයේ රැදවූවන් 20 දෙනෙකුට ද අද නිදහස හිමිවුණා.

 

*** මනෝජිකා / සුපුනි / සදීප / 12.35 / 13.35

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2024 17:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්