ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත් වෙන ටෙස්ට් තරගයේ දෙවන දින වූ අද දිනය නිමාවට පත් වූයේ තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට අත්කර දෙමින්.
ඊයේ දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 80 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නිශාන් මදුශ්ක මුළු ලකුණු සංඛ්‍යාව 93 දී දැවී ගියා.
ඉන් පසු කුසල් මෙණ්ඩිස් ලකුණු 10 ක් ලබා සිටියදීත් දිමුත් කරුණාරත්න ලකුණු 77 කටත් දැවී ගියා.
ඇන්ජලෝ මැතිව්ස් හා එක් වූ දිනේෂ් චන්දිමාල් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුනු 232 ක සබදතාවක් ගොඩනැගූ අතර දිනේෂ් චන්දිමාල් දැවී ගියේ ලකුණු 107 ක් ලබා සිටියදීයී.
ඉන්පසු පිටියට පිවිසි නව නායක ධනංජය සිල්වාට කිසිදු ලකුණුක් ලබාගැනීමට හැකි වූයේ නැහැ.
දිනය අවසන් වීමට පන්දු කිහිපයක් ඉතිරිව තිබියදී ලකුණු 141 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ පිත්ත කඩුල්ලේ වැදීමෙන් අවාසනාවන්ත ලෙස දැවී ගියා.
ඒ අනුව දිනය නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුළු 06 කට ලකුනු 410 ක් ලෙස සටහන්ව තිබියදීයී.
නොදැවී ක්‍රීඩා කරන සදීර සමරවික්‍රම ලකුණු 21 යි.
නවීඩ් සද්රාන් හා කේස් අහමඩ් කඩුලු 2 බැගින් බිද හෙළුවා.
ඇෆ්ගනිස්ථාන පළමු ඉනිමට රැස් කළේ ලකුණු 198 ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ ලකුණු 212 ක් ඉදිරියෙන් සිටිනවා.