fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මනුෂ්‍ය ඝාතනයකට අධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2024 12:35

මනුෂ්‍ය ඝාතනයකට අධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට අධාර අනුබල දුන් සැකකරුවකු ආදුරුප්පුවීදියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජනවාරි 24 වනදා ආදුරුප්පුවීදිය පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා.

ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

ඝාතනයේ ප්‍රධාන සැකකරු ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන්  දෙදෙනා කඩවත හා ආදුරුප්පුවීය යන  ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර බෙන්තර පොලීසියට ලද තොරතුරකට අනුව ඉතාලියේ නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ප්‍රදේශයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයකු බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2024 12:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්