fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරදඬුවම් විඳින රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීම සඳහා නීති සංශෝධනයට පියවර

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2024 11:31

සිරදඬුවම් විඳින රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීම සඳහා නීති සංශෝධනයට පියවර

බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමට අදාල නීති සංශෝධන කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ ( 02) පස්වරුවේ පැවැත්වුණා.

රැඳවියන් රිමාන්ඩ් කාලය තුළ ගත කල කාලය දඬුවම් ලැබුණු පසු එයට එක් කිරීම, මරණ දඬුවම හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින සිරකරුවන්ගේ දඬුවම් කාලය ආදී කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වුණා.

රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමට අදාල නීති සංශෝධන කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වු අතර මේ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කර නීති වෙනස් කිරීම සම්බන්දව අදහස් ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස් යාපා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට යන මහත්ම මහත්මීන් අධිකරණ අමාත්‍යාංශයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් එක් වුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2024 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්