fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ වරායේ මෙහෙයුම් වෙනුවෙන් ඇනවුම් කළ දොඹකර 3ක් වරායට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 17:40

කොළඹ වරායේ මෙහෙයුම් වෙනුවෙන් ඇනවුම් කළ දොඹකර 3ක් වරායට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඇනවුම් කළ ගැන්ට්‍රි දොඹකර 12 න් පළමු දොඹකර තුන කොළඹ වරායට අද රැගෙන එනු ලැබුවා.

නැගෙනහිර පර්යන්තයේ ගැන්ට්‍රි දොඹකර 12ක් හා පර්යන්ත දොඹකර 40ක් මෙහෙයුම් සඳහා සවි කිරීමට නියමිත අතර එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 282ක්. ගැන්ට්‍රි දොඹකර මීටර් 72ක දිගින් යුක්ත වන අතර හරස් අතට බහාලූ 26කින් යුතු නෞකාවක් එකවර මෙහෙයවීමේ හැකියාව පවතිනවා.

මෙහෙයුම් කළ හැකි සමස්ථ ධාරිතාව ටොන් 75ක්.

මෙම ගැන්ට්‍රි දොඹකර 12 න් පළමු දොඹකර 03 කොළඹ වරාය වෙත රැගෙන ඒම සිදුවුණේ ශෙන්හුවා 24 නෞකාවෙන්.

එම දොඹකර සදහා වන ලේඛණ නිල වශයෙන් එම නෞකාවේ කපිතාන්වරයාගෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා භාරගත් අතර එම අවස්ථාවට

අමාත්‍යාංශ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර හා වරාය අධිකාරියේ සභාපති කිත් බර්නාඩ් යන මහත්වරුන් එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 17:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්