fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැලේසියාවේ හිටපු අගමැතිට පනවා තිබූ වසර 12ක සිර දඬුවම අඩකින් අඩු කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 16:52

මැලේසියාවේ හිටපු අගමැතිට පනවා තිබූ වසර 12ක සිර දඬුවම අඩකින් අඩු කෙරේ

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට දූෂණ චෝදනා සම්බන්ධයෙන් පනවා තිබූ වසර 12ක සිර දඬුවම අඩකින් අඩුකර තිබෙනවා.

මැලේසියාවේ සමාව දීමේ මණ්ඩලය මගිනුයි මෙලෙස හිටපු අගමැතිවරයාගේ සිර දඩුවම අඩුකර ඇත්තේ.

වසර 12 සිට සිර දඩුවම වසර 6 දක්වා අඩු කිරීමට අමතරව ඔහුට නියම කර තිබූ දඩ මුදල ද අඩුකර තිබෙනවා.

රිංගිට් මිලියන 210 සිට මිලියන 50 දක්වා එය අඩුකර ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් සිර දඬුවම අවසන් වී 2028දී අගමැතිවරයාට යළි නිදහස ලබා ගැනීමට නම් මෙම මුදල සම්පූර්ණයෙන්ම ගෙවිය යුතු වනවා.

ගෙවීමට අපොහොසන් වුවහොත් මැලේසියා හිටපු අගමැති නජීබ් රසාක්ට පනවා ඇති සිර දඬුවම තවත් වසරකින් දීර්ඝ කෙරෙනු ඇති.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්