fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොවිඩ් සමයේ අත්හිටුවා තිබූ කැතේ ෆැසිෆික් ගුවන් සේවා හොංකොං සිට කටුනායක දක්වා මෙහෙයුම් අරඹයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 15:38

කොවිඩ් සමයේ අත්හිටුවා තිබූ  කැතේ ෆැසිෆික් ගුවන් සේවා හොංකොං සිට කටුනායක දක්වා මෙහෙයුම් අරඹයි

කොවිඩ් වසංගත සමයේ , එනම්  2020 මාර්තු මාසයේ සිට  තාවකාලිකව සිය ගුවන් ගමන් මෙහෙයුම්  අත්හිහිටුවා තිබූ කැතේ ෆැසිපික් ගුවන් සේවාව , යළිත් තම ගුවන් ගමන් මෙහෙයුම්  අද දින සිට සක්‍රීය කරමින් ප්‍රථම මංගල ගුවන් යානය  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඒ අනුව සතියේ  සෑම  අඟහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින වල හොංකොං සිට කටුනායක දක්වා ඍජු ගුවන් ගමන් සේවා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ මෙතැන් සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි .
කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ප්‍රථම මංගල ගුවන් යානය අද දින මධ්‍යම රාත්‍රී 11.35 ට ගුවන් මගීන් 253 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
කැතේ ෆැසිපික් ගුවන් සේවය මෙම මංගල ගුවන් ගමන සඳහා එයාර් බස් 330 – 300 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි
කැතේ ෆැසිපික් ගුවන් සේවා හොංකොං සිට ලොව පුරා රටවල් 80 ක ගමනාන්ත කරා සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරමින් සිටිනවා.
ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්