fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොස්තාපල්වරයෙකුට බඳින තුවක්කුවක් පත්තුවෙයි

hasiniek
By hasiniek පෙබරවාරි 2, 2024 10:51

කොස්තාපල්වරයෙකුට බඳින තුවක්කුවක් පත්තුවෙයි

දඩයක්කරුවකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානයට අනුයුක්ත 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇති බව කිලිනොච්චිය,ධර්මපුරම් පොලිසිය පවසනවා.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේ මත්පැන් නිශ්පාදනය කළ ස්ථානය අසල අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයාගේ දණ හිසට තුවාල සිදුව ඇති බවයි වාර්තා වුණේ.

කොස්තාපල්වරයා කිලිනොච්චිය රෝහලට ඇතුළු කර තිබෙනවා

hasiniek
By hasiniek පෙබරවාරි 2, 2024 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්