fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෙන්යාවේ නයිරෝබි අගනුවර ගෑස් පිපිරීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 09:58

කෙන්යාවේ නයිරෝබි අගනුවර ගෑස් පිපිරීමක්

කෙන්යාවේ නයිරෝබි අගනුවර සිදුවූ දැවැන්ත ගෑස් පිපිරීමකින් පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා වනවා.

නයිරෝබි අගනුවර කම්හලක ගෑස් සිලින්ඩර නැවත පුරවා ගනිමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මහල් නිවාස අසළ මෙම ගින්න ඇවිලීම හේතුවෙන් දැඩි හානියක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට පුද්ගලයින් විශාල පිරිසක් රෝහල්ගත කර සිටින බව කෙන්යානු රතු කුරුස සංවිධානය පවසනවා.

මෙම පිපිරීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි කෙන්යා වාර්තා සඳහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්