සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් සඳහා වන සැලසුම් ඇමෙරිකාව විසින් අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජෝර්දානයේ සිරියානු දේශසීමාවට ආසන්න ප්‍රදේශයේ දී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමෙරිකා සොල්දාදුවන් තුන්දෙනෙකු මියයාමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමේ චෝදනා ලැබ සිටින ඉරානයේ සහාය ලබන මිලීෂියා කණ්ඩායමට ඉරාකයේ ඉස්ලාමීය විරෝධීන් සහ ඉරානයේ විප්ලවාදීන් ආරක්ෂක බළකාය පුහුණුව සහ ආධාර ලබා දී ඇති බවට හෙළිව තිබෙනවා.
කෙසේ වෙතත් ඉරානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
ජෝර්දාන ප්‍රහාරයෙන් මිය ගිය ඇමෙරිකා සෙබලුන් තුන්දෙනාගේ සිරුරු අද දිනයේ දී ඩෙලවෙයාර් ගුවන් හමුදා කඳවුරකට ගෙන ඒමට නියමිතයි.
ජනාධිපති ජෝ බයිඩ්න් ඊට සහභාගී වන බවට ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.