fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තෙත්බිමක අසිරිය විඳ ගන්න දියසරු උයනට පැමිණෙන්න

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 06:43

තෙත්බිමක අසිරිය විඳ ගන්න දියසරු උයනට පැමිණෙන්න

මෙවර ලෝක තෙත්බිම් දින ජාතික උත්සවය ජෛව විවිධත්වයෙන් අනූන නාගරික තෙත්බිමක් වන තලවතුගොඩ “දියසරු උයන” පරිශ්‍රයේ පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව මධ්‍යම පරිසර අධිකාරිය ලෝක තෙත්බිම් දින ජාතික උත්සවය සංවිධාන කරයි.

පෙබරවාරි මස දෙවැනි දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනයේ මෙවර තේමාව වන්නේ “තෙත්බිම් සහ මානව යහපැවැත්ම” යන්නයි.

මෙවර තෙත්බිම් දිනය සැමරීම වෙනුවෙන් පෙබරවාරි මස 02 සහ 03 යන දෙදින තලවතුගොඩ දියසරු උයන පරිශ්‍රයේ මහජනතාවට සහභාගීවීමට හැකි අයුරින් මධ්‍යම පරිසර අධිකාරිය වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව, පෙබරවාරී මස දෙවැනි දින දහවල් 1.00 සිට හවස 5.00 දක්වාත් පෙබරවාරී මස තුන්වනදා උදෑසන 8.00 සිට හවස 5.00 දක්වාත් දියසරු උයන පරිශ්‍රයට නොමිලේ ඇතුළුවී අදාළ වැඩසටහන සමඟ සම්බන්ධ විය හැකියි.

පාරිසරික දැනුම ඇතුළත් ප්‍රදර්ශන කුටි නැරඹීමේ අවස්ථාව, තෙත්බිම් සංරක්ෂණය මෙන්ම ඊට අදාළ නීති රෙගුලාසි ගැන දැනුම ලබා ගැනීමේ අවස්ථාව ද උදාකර දෙමින් තෙත්බිමක අසිරිය සජීවීව විඳ ගැනීමට හැකි අයුරින් මෙවර ලෝක තෙත්බිම් දින වැඩසටහන සංවිධාන කර තිබෙනවා.

මෙයට අමතරව වීදි නාට්‍ය නැරඹීමේ අවස්ථාව සහ බෝට්ටු සවාරියාමේ අවස්ථාව ඇතුළු තෙත්බිම් පිළිබඳ දැනුම වර්ධනය කර ගත හැකි විවිධ ක්‍රියාකාරකම් මහජනතාව වෙනුවෙන් සංවිධාන කර තිබෙනවා.

එබැවින් දූදරුවන් සමඟ පැමිණ මෙම වැඩසටහනට සහභාගී වී තෙත්බිම් පිළිබඳ දැනුම වර්ධනය කර ගනිමින් තෙත්බිම් සංරක්ෂණයට සහය වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවට ආරාධනා කරයි.

තවද, ලෝක තෙත්බිම් දින ජාතික උත්සවයේ සමාරම්භක උළෙලේදී “ඒතාලෙයිකුලම් වැව තෙත්බිම් පරිසර ආරක්ෂක ප්‍රදේශය“ ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් පත්‍රය අත්සන් කිරීමට ද ශ්‍රී ලංකාවේ දියඇළි දහයක මුද්දර නිකුත් කිරීමට ද නියමිතයි.

ලෝක තෙත්බිම් දින ජාතික උත්සවයේ සමාරම්භක උළෙල පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ තානාපතිවරුගේ ද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ද පරිසරය හා සම්බන්ධයෙන් කටයුතු කරන පෞද්ගලික ආයතන හා සංවිධානවල නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පෙබරවාරි මස 02 වනදා උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 06:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්