ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
ඔවුන් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.
ඔක්ටේන් 92ක වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දැමීමට කටයුතු කළා.
ඒ අනුව එහි නව මිල රුපියල් 371ක් වනවා. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 363ක්. ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262ක් වනවා.
මේ අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 8කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456ක්. එමෙන්ම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468ක්.
ලංකා අයීඕසී සමාගම සහ සයිනොපෙක් සමාගම ද මෙම මිල ගණන්වලට සමගාමීව ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
මේ අතර වැඩිවුණු ඉන්ධන මිල හේතුවෙන් අවම බස් ගාස්තුව සංශෝධනය කරන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ඉල්ලා සිටිනවා.
පාසල් වෑන් රථ ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් කේ එල් සී ප්‍රනාන්දු මහතා
මේ අතර මේ අතර ඩීසල් මිල රුපියල් 05 කින් ඉහළ ගියද බස් ගාස්තු වැඩිකළ නොහැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසනවා. බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති හා එකගතාවන් අනුව එලෙස ගාස්තු වැඩිකිරීමට ප්‍රතිපාදන නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ගාස්තු ඉහළ දැමීම අදාළ සම්මුතීන්ට අනුව සිදු කළ යුතු බවත් ඔහු පවසනවා.