කොළඹ ආදුරුප්පුවීදිය පොලිස් වසමේදී පසුගිය 24 වනදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු ඊයේ (31) රාත්රියේ ගිරිඋල්ල දඹදෙනිය ප්රදේශයේදී ආදුරුප්පුවීදිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ
ඔහුගෙන් සිදුකළ ප්රශ්න කිරීම් හමුවේ හෙළිවූ කරුණු මත වෙඩි තැබීමට භාවිත කළ බවට සැකකෙරෙන රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි කන්තලේ ප්රදේශයේ පදිංචිකරුවෙක්
මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.