fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මාසයේ සෞඛ්‍ය සේවයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2024 12:07

කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මාසයේ සෞඛ්‍ය සේවයට

දකුණු ආසියාවේ විශිෂ්ඨතම මාතෘ රෝහලවන කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස දී සෞඛ්‍ය සේවයට එක් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

බහු කාර්ය සංවර්ධන සහායක පුහුණුලාභීන් 93න් දෙනෙකුට සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මහමෝදර මාතෘ රෝහල දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ඨතම මාතෘ රෝහල බවට පත් කරමින් මාර්තු මස එය කරාපිටියට ගෙන යන බවත් දැනට එහි වැඩකටයුතු 99%ක් ම අවසන්ව තිබෙන බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2024 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්