fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර වෙළෙඳ, ආයෝජන අවස්ථා පුළුල් කිරීමට සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2024 09:54

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර වෙළෙඳ, ආයෝජන අවස්ථා පුළුල් කිරීමට සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ද්වීපාර්ශවීය වෙළෙඳ, ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා සිංගප්පූරු අනේවාසික මහකොමසාරිස් චන්ද්‍රා දාස් මහතා අතර ද්වීපාර්ශවීය සාකච්ඡාවක් පසුගියදා (30) වනදා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

මෙහිදී සිංගප්පූරු මහකොමසාරිස් සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම හරහා ශ්‍රී ලංකාවට සාධනීය ප්‍රගතියක් ළඟා කරගත හැකි බවයි.

ඒ සඳහා නිසි ව්‍යුහාත්මක රාමුවක අවශ්‍යයතාවයද ඔහු අවධාරණය කළා.

ඒ අනුව කඩිනම් ආර්ථික ප්‍රගතියක් උදෙසා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට අවශ්‍යය සහයෝගය ලබා දෙන බව මහකොමසාරිස්වරයා සඳහන් කළා.

තවද සිංගප්පූරු වෙළෙඳපොලෙහි 60% වඩා කොටස් හිමි “ NTUC සුපිරි වෙළෙඳසැල් ජාලය “ නැරඹිම සඳහා ආරාධනා කරමින් එය ලංකා සතොස ඇතුළු මෙරට සුපිරි වෙළෙඳසැල් ජාලා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැදගත් වනු ඇතැයි සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා භූමිය, හිතකර කාලගුණය හා සම්පත් බහුල රාජ්‍යයක් ලෙස මෙරටට සිංගප්පූරු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමේ විභවතාවය විමසුවා.

විශේෂයෙන් මෙරට පසු අස්වනු හානිය ඉතා ඉහළ බව සඳහන් කළ අමාත්‍යවරයා එහි පිරිවැයද පාරිභෝගිකයා හට දැරීමට සිදු වන බවද සඳහන් කරන ලදී. ඒ අනුව වඩා ගුණාත්මක ඵලදාවක් ලබා ගැනීමටත්, සිංගප්පූරුව වැනි රටවල පවතින දිගු කාලයකට ප්‍රමාණවත් තරම් තොග ගබඩා කිරීමට අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා සිංගප්පූරු රාජ්‍යයේ සහයෝගය ලබා ගැනීමට ඇති අවස්ථාවන් අමාත්‍යවරයා විමසා සිටියා.

මෙහිදී මහ කොමසාරිස්වරයා ආහාර සුරක්ෂිතතාවය උදෙසා මෙරට ගොවීන් ඇතුළු නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රජාව සමූපකාර හා පළාත් සභා වැනි ආයතන හරහා නිසි ලෙස සම්බන්ධීකරණය කරන ලෙසත්, නිෂ්පාදනය ඉහළ නැංවීම උදෙසා ආයෝජන ඇතුළු අනිකුත් පහසුකම් ලබා දීමට සූදානම් බවත් සදහන් කළා.

මෙහිදී ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් හා දෙරට අතර ආර්ථික, දේශපාලන හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන් සම්බන්ධ නව අවස්ථාවන් හා සහයේගීතාවය වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍රයන් පිළිබදව හා සිංගප්පූරුවේ ආර්ථික ගමන්මගේ අත්දැකීම් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2024 09:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්