fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෙලිකොම් කොටස් ලබාගැනීමට චීන – ඉන්දියා සමාගම් දෙකක්

hasiniek
By hasiniek ජනවාරි 31, 2024 15:12

ටෙලිකොම් කොටස් ලබාගැනීමට චීන – ඉන්දියා සමාගම් දෙකක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 50.23% කොටස් විකුණා දැමීම අවශ්‍ය පියවර ගෙන තිබෙනවා

ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබාඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා

ඒ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සහ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් යන සමාගම් දෙකයි

ටෙලිකොම් ආයතනයේ බහුතර කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම සහ එක්සත් රාජධානියේ ලයිකා සමූහයට අයත් පෙට්ටිගෝ කොමර්සියෝ ඉන්ටර්නැෂනල් සමාගම ඉදිරිපත් වී තිබෙනවා.

එහෙත් මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘති කමිටුව සහ කැබිනට් මණ්ඩලය පත්කළ විශේෂ සාකච්ඡා කමිටුව ටෙලිකොම් මිලදි ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සහිත තරගකාරී සමාගම් ලෙස ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම තෝරාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණිමේ විශේෂ උපදේශක ආයතනය ලෙස කටයුතු කරන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවයි.

hasiniek
By hasiniek ජනවාරි 31, 2024 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්