අමාත්‍ය රමේෂ් පතිරණ මහතා හා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපතිවරයා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය මෙන්ම ජර්මන් රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කරාපිටියේ සය මහල් මාතෘ රෝහලේ වත්මන් තත්ත්වය පිළිබද මෙහිදි සාකච්ඡා කෙරුණා.
සුනාමියෙන් සිදුවු හානිය සැළකිල්ලට ගනිමින් නව මාතෘ නිවාසය ඉදිකිරීම ආරම්භ කෙරුණා.
මේ වන විට එහි ඉදිකිරීම් අවසන් කර ඇති බැවින් ඉදිරියේ දී ප්‍රතිකාර සේවාවන් ආරම්භ කිරීමට නියමිතයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.