fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයේ ගොඩනැගිලිවලින් අඩකට වැඩි සංඛ්‍යාවක් යුද්ධයෙන් විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2024 09:19

ගාසා තීරයේ ගොඩනැගිලිවලින් අඩකට වැඩි සංඛ්‍යාවක් යුද්ධයෙන් විනාශ වෙයි

ගාසා තීරයේ ගොඩනැගිලිවලින් අඩකට වැඩි සංඛ්‍යාවක් යුද්ධයෙන් මේ වන විට විනාශ වී ඇති බව වාර්තා වනවා.

මේ අතර නව සටන් විරාමයක් සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව හමාස් සංවිධානය පවසනවා.

ඊශ්‍රායලය ඇමෙරිකාව, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව මෙම සටන් විරාම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම කණ්ඩායමට ආරාධනා කර ඇති බවයි හමාස් සංවිධානය පවසන්නේ.

පලස්තීන සිරකරුවන් සඳහා තවත් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් හුවමාරු කර ගැනීම මෙම සටන් විරාමයේ තවත් අරමුණක් වනවා.

සති හයක සටන් විරාමයකුයි මෙලෙස යෝජනා වී තිබෙන්නේ.

කෙසේ වෙතත් හමාස් සංවිධානය පවසන්නේ තම අරමුණ ස්ථිර සටන් විරාමයක් සහ ගාසා තීරයෙන් සම්පූර්ණයෙන්ම ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම බව සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම යෝජනාව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු අවධාරණය කර ඇත්තේ සම්පූර්ණ ජයග්‍රහණය අත්කර ගන්නා තෙක් යුද්ධය අවසන් නොවන බවයි.

එහි අදහස හමාස් සංවිධානය මුළුමනින්ම තුරන් කිරීම සහ සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කර ගැනීම බව ද ඔහු සදහන් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2024 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්