නිල සංචාරයක් සඳහා පසුගියදා (ජනවාරි 28) ශ්‍රී ලංකාවට පැමිණි රාජකීය නාවික හමුදාවට අයත් HMS Speyනෞකාවේ සංචාරයක් සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා එක් වුණා.
මෙම නෞකාවට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා එහි අණදෙන නිලධාරී, කමාන්ඩර් පෝල් කැඩි විසින් පිළිගත්තා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මැතිතුමාද සහභාගී වුණා.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දීර්ඝ කාලීන ඓතිහාසික හා සංස්කෘතික සබඳතාවයන් සිහිපත් කරමින් අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා මෙහිදී කෙටි දේශනයක් සිදු කළා.
අවශ්‍ය අවස්ථාවලදී බ්‍රිතාන්‍ය රජය දක්වන නොසැලෙන සහයෝගය සහ ගෝලීය සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැපවීම ද ඔහු අගය කළා.
තවද, කලාපීය හවුල්කාරිත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ශක්තිමත් කරන ඒකාබද්ධ අභ්‍යාස සහ තොරතුරු හුවමාරු කර ගැනීම සහසහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම රාජ්‍ය අමාත්‍යවරයා යළි තහවුරු කළා.
ඉතාලි ජනරජයේ තානාපති DamianoFrancovigh මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් වන, මාලදිවයිනේ මහ කොමසාරිස් FathimaGhina මැතිණිය, පාකිස්ථානයේ වැඩබලන මහ කොමසාරිස් Wajid Hassan Hashmi මැතිතුමා, බංග්ලාදේශ මහ කොමසාරිස් Tarek Mad Ariful Islam, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගමයේ නියෝජිත Carmen Moreno මැතිණිය, ජර්මනියේ ෆෙඩරල් ජනරජයේ තානාපති Felix Neumann මැතිතුමා, නවසීලන්තයේ වැඩබලනමහ කොමසාරිස් Patrick Rata මැතිතුමා, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Paul Stephens මැතිතුමා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්යක්ෂ මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රකාශක සහ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සහ වැඩබලන අධ්යක්ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත් ද නෞකාවේ පැවති මෙම අවස්ථාවට එක් වුණා.