fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැළණියේ සිසුන් විරෝධතාව අතහරී

hasiniek
By hasiniek ජනවාරි 30, 2024 16:40

කැළණියේ සිසුන් විරෝධතාව අතහරී

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් එම විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් ආරම්භ කර තිබු විරෝධතාව අද පස්වරුවේ අතහැර දැමුවා.

ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ උද්ඝෝෂණයක් සිදුකළා. ඒ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ලවුණා.

පවත්නා තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල පරිශ්‍රය ආසන්නයට පැමිණි පොලිසියට විශ්වවිද්‍යාල සිසුන් ගල්මුල්වලින් පහරදුන් බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවද තත්ත්වය උත්සන්න වීමත් සමග උද්ඝෝෂකයින් පලවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කදුලු ගෑස් එල්ල කළා.

ශිෂ්‍ය ක්‍රියාකාරීන් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් ආරම්භ කළ විරෝධතාව අද දහවල් වන තෙක් පැවතුණා.

පාලන අධිකාරිය සමග ශිෂ්‍ය නායකින් සාකච්ඡාවක ද නිරත වු අතර එම සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වු බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ගල්වැව සිරිසුමේධ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ.

hasiniek
By hasiniek ජනවාරි 30, 2024 16:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්