fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශයේ ගොවීන් දැවැන්ත විරෝධතාවක

hasiniek
By hasiniek ජනවාරි 30, 2024 15:08

ප්‍රංශයේ ගොවීන් දැවැන්ත විරෝධතාවක

ප්‍රංශයේ ගොවීන් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් අගනුවර ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයන් රැසක් අවහිර වන පරිදි ගොවීන්ට අයත් ට්‍රැක්ටර් හා ට්‍රක් රථ යොදා ගනිමින් ගොවීන් විරෝධතාවේ නිතර වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

තම නිෂ්පාදනයන්ට නිසි වටිනාකමක් ලබාදෙන ලෙස හා පනවා ඇති පරිසර රෙගුලාසි ඉවත් කරන ලෙස ඔවුන් ප්‍රංශ රජයෙන් ඉල්ලා සිටිනවා.

රෙගුලාසි බොහෝමයක් තම ජිවනෝපායන්ට දැඩි බලපෑමක් එල්ල කරන බවයි ගොවීන් පවසන්නේ.

කෙසේ වුවද කෘෂිකාර්මික කටයුතු සදහා ඩීසල් ලබාදීමේ දී ගොවීන්ට සහනාධාරයක් ලබාදීමට මෙන්ම පරිසර රෙගුලාසි ලිහිල් කිරීමට ප්‍රංශ රජය පොරොන්දු ලබාදී ඇති බව ද විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

hasiniek
By hasiniek ජනවාරි 30, 2024 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්